Local

මහින්ද යුගය සිහිකළ නාමල්

Thursday, 05 September 2024 - 10:42 am

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවය.

වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

'අද බොහෝ අය රාජ්‍ය සේවය පිළිබඳව මැතිවරණය ළංවෙද්දි සතුටින් කතා කරත් අපේ හාමුදුරුවනේ පහුගිය කාලයේ ම අපි දැක්කා රාජ්‍ය සේවය පිළිබඳ වෘත්තීය සමිතිවලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගය තමා මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වුණේ. අද අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තුළ ගෞරවය ආරක්ෂා කරන ගමන් ජනතා සේවාවන්වලට තාක්ෂණය පරිවර්ථනය කරලා, ඒ පරිවර්ථනය වන තාක්ෂණයත් එක්ක ජනතා සේවාවන් තවදුරටත් පහසුකරනවා වගේම රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවෙන්න ඕනේ. මැතිවරණ වේදිකාවේ එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි පොරොන්දු දෙන්නේ. අපි පැහැදිලිවම බොරු පොරොන්දු දෙන්න අපි සුදානම් නෑ. උද්ධමනයට අනුපාතිකව දේශපාලිනක මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවක පඩි වැඩිකරනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිකරන්න නම් දේශපාලන මැදිහත්වීමක් ඕනේ. රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අපි ශක්තිමත් කරනවා. ඒ සඳහා වු වැඩපිළිවෙල අපි සතුයි.'


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT