Sports

පැරිස් ඔලිම්පික් උළෙලේ චීනයට එරෙහි එදිරිවාදීකම් පිළිබඳ අනාවරණයක්

Tuesday, 06 August 2024 - 6:37 pm

මේ වන විට ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 20කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් චීනය සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

එවැනි අවස්ථාවක චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබිය යුතු නමුත් මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම විදෙස් මාධ්‍යද ඔවුන්ට දක්වන එදිරිවාදීකම් කැපී පෙනෙන්නට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ චීන පිහිනුම් කණ්ඩායම පිළිබඳ පැරණි පුවත් පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර බටහිර මාධ්‍ය විසින් යළි මතු කර තිබුණා.

එම සිද්ධියට හේතුව වූයේ චීන පිහිනුම් කණ්ඩායම ලබා ගත් ආහාර විස වීම බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය නිගමනය කළද බටහිර මාධ්‍ය ඒකමතිකව එම පරණ සිද්ධිය යළි හුවා දක්වමින් චීන පිහිනුම් කණ්ඩායමට පහර දෙමින් සිටින බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහ ලෝක තහනම් උත්තේජක ඒජන්සියේ නිගමන පිළිබඳව New York Times, the Wall Street Jou al සහ අනෙකුත් ප්‍රසිද්ධ මාධ්‍ය යළි යළිත් ප්‍රශ්න කර ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇතුළු ආයතන චීන ක්‍රීඩකයන්ට අයුතු ලෙස පක්ෂපාතීත්වය දැක්වූ බවත්, චීන ක්‍රීඩකයන් තහනම් උත්තේජක ගත් බවත්, එම බටහිර මාධ්‍ය තරයේ තීන්දු තීරණ කර තිබෙනවා.

බටහිර මාධ්‍ය මෙම සිද්ධිය පිළිබඳ දැක්වූ අසාමාන්‍ය උනන්දුව හේතුවෙන් පැරිස් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරග ආරම්භ වීමෙන් පසු අමෙරිකාව, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනස් කොට සැලකීමේ හවුලට එක්ව සිටිනවා.

මේ දක්වා එම එදිරිවාදීකම් පිහිනුම් ඉසව්වේ සිට ටෙනිස් හා මේසපන්දු වැනි ඉසව්වලට ද ව්‍යාප්ත වී ඇති අතර බටහිර මාධ්‍ය යළි යළිත් පරණ පුවත් මතු කරමින් සිටියදී චීන තහනම් උත්තේජක මර්දන මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ චීන පිහිනුම් ක්‍රීඩකයන්ගේ ආහාර විස වූ ආකාරය පිළිබඳව චීන තහනම් උත්තේජක මර්දන මධ්‍යස්ථානය එම නිවේදනය මගින් ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කර දක්වා ඇති අතර බටහිර මාධ්‍ය වියරුවෙන් මෙන් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහර දෙමින් සිටියදී, බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසාධාරණ ලෙස චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නින්දා අපහාස කරමින් සිටියදී, ඔවුන්ගෙන් ද කරුණු රැසක් පිළිබඳ ප්‍රශ්න කළ යුතුව පවතිනවා.

පැරිස් ඔලිම්පික් උළෙලට එක්ව සිටින බටහිර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට ඉතා අඩුවෙන් ලක් කරන්නේ ඇයි ?

අමෙරිකානු පිහිනුම් ක්‍රීඩකයින් තහනම් උත්තේජක භාවිත කළ බවට තුඩු දුන් සාධක පිළිබඳ අන්තර්ජාල මත පළ වී තිබියදී ඒ පිළිබඳ අමෙරිකානු ක්‍රීඩා කණ්ඩායමේ අදහස් කුමක් ද ?

පැරිස් ඔලිම්පික් උළෙලට පෙර Erriyon Knighton නම් අමෙරිකානු මළල ක්‍රීඩකයා Trenbolone නම් තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවත්, එම උත්තේජකය හිතාමතා හැර ආහාර විස වීමෙන් ශරීරගත නොවන බවත් සොයා ගනු ලැබුවා.

එලෙස හිතාමතා උත්තේජක ගත් ක්‍රීඩකයෙකුට වසර 4ක තරග තහනම් කිරීමේ රෙගුලාසියක් පැවතිය ද අමෙරිකානු ඔලිම්පික් කමිටුව ඔහුට පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අවසර ලබාදී ඇති අතර අමෙරිකාවේ මෙවැනි ක්‍රියාවන් නිවැරදි ද ? සාධාරණ ද ?

ජාත්‍යන්තර තහනම් උත්තේජක පරීක්ෂණ ක්‍රමයෙන් බැහැරව තරග කිරීමට ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගු කලක් තිස්සේ කටයුතු කර ඇතැයි ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය පෙන්වාදෙන අතර අමෙරිකාවේ මෙම හැසිරීම් නිවැරදිද ? සාධාරණීකරණය කළ හැකි ද?


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT