Sports

වසර 128කට පසු ඔලිම්පික් උළෙලට නැවතත් එන ක්‍රිකට්

Saturday, 17 August 2024 - 11:30 am

2028 ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, වසර 128කට පසුවයි.  1896 ඇතැන්ස්හි පැවති ඔලිම්පික් උළෙලේ ලැයිස්තුගත ක්‍රීඩා අතරට ක්‍රිකට් ක්‍රීඩාව නම් කරන ලද නමුත් එය ඉදිරියට ගෙන යාමට නොහැකිව ඇත්තේ සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් සිටි නිසා බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. 1900 දී පැරිසියේ පැවති ඔලිම්පික් උළලේදී ප්‍රථම වරට ක්‍රිකට් තරග පවත්වා ඇත්තේ ප්‍රංශය සහ එංගලන්තය අතරයි. එහිදී ලකුණු 158කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ජයග්‍රාහක එංගලන්ත කණ්ඩායමට එහිදී රිදී පදක්කමක් සහ ප්‍රංශයට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කර ඇති අතර, පසු කාලීනව එම පදක්කම් රන් සහ රිදී බවට පරිවර්තනය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. එහෙත් ඉන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වී නොමැත. මේ අතර, baseball/softball, flag football, lacrosse (sixes) සහ squash යන ක්‍රීඩාවන් ද 2028 ඔලිම්පික් ක්‍රීඩාවන්ට ඇතුළත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT