Local

ඉලිනොයිස් සරසවියේ දැනුම ලංකාවේ සරසවි සිසුන්ට

Tuesday, 16 April 2024 - 12:22 pm

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එක්විය.

එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි වෛද්‍ය සහ රොබෝ ශල්‍යකර්ම (Robotic Surgery) විද්‍යාගාරද නිරීක්ෂණය කරන ලදී.

තවද එහි පිහිටා ඇති පැරණිතම පාසල් ඔසුහල, නවීන පරීක්ෂණ විද්‍යාගාර පිළිබඳව ද සිය අවධානය යොමු කළ අමාත්‍යවරයා එම සරසවිය භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එම සරසවියේ නිලධාරීන් හමුවේ වැඩිදුරටත් පැවසුවේ පේරාදෙණිය සරසවිය සහ ඉලිනොයිස් (University of Illinois) සරසවිය අතර අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවත් එමගින් ලාංකීය සිසුන්ට නව ඉගෙනුම් ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසෙන බවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්ද එක්විය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT