Local

පොල් වගාවේ ගැටළුවලට අද සිට භාෂා තුනෙන්ම පිළිතුරු

Monday, 05 August 2024 - 12:43 pm

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන රෝග තත්ත්වයන්, වගාව සාර්ථක කරගැනීම හා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ආදී සියලුම කරුණුවලට විසඳුම් ලබා දීම සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut Appනමින් දුරකථන යෙදවුමක් හඳුන්වා දෙනු ලැබීය.

මෙම ක්ෂණික දුරකථන අංකය මඟින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පිළිතුරු ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හඳුන්වාදීම සඳහා ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීම කාෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පොල් වගා කිරිමේ සභාපති පණ්ඩුක විරසිංහ, කලමනාකරණ අධ්‍යක්ෂ අථිල විරසිංහ, පොල් වගා කිරීමේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන කවර ගැටළුවකට වුවද 1916ට අමතා විසඳුම් ලබා ‍ගැනීමේ පහසුකම අද දින සිට සිදු කෙරේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්මහාවැවිලිකර්මාන්තඅමාත්‍ය මහින්ද අමරවීර මහතා :-

අප රටේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ වශයෙන් පොල් වගාවේ නියුතු වගාකරුවන් සිටිනවා. මේ හැමදෙනාම අද මුහුණපාන ගැටළුවක් වන්නේ පොල් වගාව තුළ ව්‍යාප්ත වන විවිධ රෝග සහ කෘමි හානි. විශේෂයෙන් සුදු මැස්සා, රතු කුරුමිණියා, කළු කුරුමිණියා සහ වැලිගම පොල් කොළ රෝගය වැනි රෝගයි.

එමෙන්ම පොල් වගාවට පොහොර යෙදීම විධිමත් පරිදි සිදුවන්නේ නැහැ. වර්තමානයේ මෙරට පොල් නිෂ්පාදනය වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් එම ප්‍රමාණය මිලියන 3600 දක්වා ඉහළ නංවාලීම අපේ ඉලක්කයයි. මෙම ඉලක්කය ජය ගැනීමට තාක්ෂණය සමඟ බද්ධ වූ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී 1916 තාක්ෂණික දුරකථන අංකයට කතා කළ අමාත්‍යවරයා සුදු මැස්සාගේ හානිය පිළිබඳව කරුණු විමසනු ලැබීය. පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරියෙක් දුරකථනයට සම්බන්ධවෙමින් අමාත්‍යවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ලැබීය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT