Sports

වාර්තා පොත් අලුත් කරමින් අරුණ අවසන් පූර්ව වටයට

Monday, 05 August 2024 - 1:08 am

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවිය.

අරුණ සහභාගි වූ තරගය මෙරට වේලාවෙන් අද (04දා) රාත්‍රී 11.05ට පමණ පැවැත්විණි.

මූලික වටයේ තරග (Heats) 06කින් සමන්විත වූ මෙම තරග ඉසව්වේ 05වැනි මූලික තරගයට අරුණ සහභාගි විය.

එහිදී ඔහු තත්. 44.99කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද විය.

මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වූයේ තත්. 45.30කි.

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තරග 45 සීමාවෙන් අවසන් කළ පළමු ක්‍රීඩකයා ලෙසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමටද අරුණට හැකිවිය.

අරුණට මෙවර ඔලිම්පික් වරම් හිමිවූයේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවූ ක්‍රීඩකයෙකු ලෙසිනි.

කෙසේ නමුත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකිවන්නේ ක්‍රීඩකයන් 16 දෙනෙකුට පමණි.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT