Local

කොළඹට සජබෙන් නගරාධිපතිවරයෙක් පත් කරනවා - රංජිත් මද්දුම බණ්ඩාර

Wednesday, 07 May 2025 - 5:08 pm

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මෙරට විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

මහ මැතිවරණයේ 17% ක් ලෙස තිබුණු සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මෙවර 22% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, විපක්ෂයේ සියළු පක්ෂ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන ඇති බවත්, ඒ අනුව මහ මැතිවරණයේදී තිබුණු ජනවරම මේ මැතිවරණයේදී අහෝසි වී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ඉදිරියේදී පළාත් පාලන ආයතන පිහිටුවීමේදී විපක්ෂයේ සියළු කණ්ඩායම් එක්වී ආයතන විශාල ප්‍රමාණයක බලය පිහිටුවන බවද මහ ලේකම්වරයා සඳහන් කර සිටියා.

කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂය ඒකාබද්ධව 60%ක පමණ ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවත්, සියළු දෙනා එක්වී, සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග, කොළඹ මහ නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT