Sports

කාන්තා වෙසින් ඇවිල්ලා පිරිමියෙක් බොක්සිං ගහලා -ස්ත්‍රී-පුරුෂ මතවාදයකින් ඔලිම්පික් බිම දෙදරයි

Wednesday, 07 August 2024 - 10:17 am

ඇල්ජීරියාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් බොක්සිං තරග බිමේ සිටින ඉමානි කලීෆා කාන්තා වෙසින් පැමිණි පිරිමි ක්‍රීඩකයෙක් බවට විශාල ආන්දෝලනයක් හට ගනියි. කිලෝග්‍රෑම් 66 කාන්තා බොක්සිං තරගයකදී ඉතාලියේ ඇන්ජලා කරිනි තත්පර 46ක් වැනි කෙටි කාලයකින් පරාජය කිරීමත් සමඟ කලීෆාට මේ චෝදනාව එල්ල වූවේය.

පහරකෑ පරාජිත ඇන්ජලා කරිනි චෝදනා කළේ ඉමානි කලීෆා කාන්තාවක් නොවෙයි ඇය පිරිමියෙක්. කාන්තාවකට දරුණු පහරවල් එල්ල කරන්න බෑ. එයා මට ගැහුව්වේ පිරිමි පහරවල් යනුවෙනි. මේ සමඟම ඉමානි කලීෆාගේ අතීත කතා එළියට එන්න පටන් ගත්තාය.

පසුගිය වසරේ නවදිල්ලි නුවර පැවති ලෝක බොක්සිං ශූරතාවලියේදී ලිංගභේදය සඳහා වූ සුදුසුකම් පරීක්‍ෂණවලින් ඉමානි කලීෆා අසමත්වීම හේතුවෙන් ජාත්‍යන්තර බොක්සිං සංගමය ඇයට තහනමක් පනවා තිබේ. එහෙත් මෙවර ඔලිම්පික් උලෙළ සංවිධාන කරන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉමානි කලීෆාට කිසිදු තහනමක් පනවා නැති බැවින් පැරිස් තරග බිමට පිවිසියාය.

ඇය සංක්‍රාන්ති ලිංගිකයෙකු නොවන අතර, මතභේදයේ මූලාශ්‍රය වන්නේ 2023 ලෝක බොක්සිං ශූරතාවලියේදී ටෙස්ටොස්ටෙරෝන් ඉහළ (එනම් පිරිමි) මට්ටම් හේතුවෙන් එම තරගාවලිය තහනම් කිරීමය.

“එයට මිනිසුන් විනාශ කළ හැකිය, මිනිසුන්ගේ සිතුවිලි හා ආත්මය මරා දැමිය හැකිය. ඒකෙන් පුළුවන් මිනිස්සු බෙදන්න. ඒ නිසා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මට ලිංගිකත්ව හිරිහැර කිරීමෙන් වළකින ලෙසයි” ඉමානි කලීෆා ඉල්ලා සිටියාය.

ඇල්ජීරියානු පදික වෙළෙන්දෙකුගේ දියණියක් වන 25 හැවිරිදි ඉමානි කලීෆා ඉතා දිළිඳු පවුලකින් පැවත එන්නියකි. ඇය තම බොක්සිං පුහුණුව සඳහා පාන් සහ බේකරි භාණ්ඩ අලෙවි කළාය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT