Local

ප්‍රමිතිගත නොවූ හුණු කිසිදු පවිත්‍රකරණ ක්‍රියාවලියක් සඳහා යොදාගත්තේ නැහැ - ජල සම්පාදන මණ්ඩලය

Friday, 07 February 2025 - 10:13 pm

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පිළිස්සු හුණු ටොන් 1500 ක් මිලදී ගැනීම සඳහා ජාතික පුවත්පත් හරහා විවෘත ලංසු කැඳවූ බවත් එහිදී කොන්ත්‍රාත්කරු විසින් පළමුව හුණු ටොන් 380 ක් මෙරටට ගෙන්වා මණ්ඩලයේ ගබඩා වෙත භාරදුන් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

එම තොගයෙන් අහඹු සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේදි එම හුණුවල ඇති ක්‍රෝමියම් ප්‍රමාණය පිරිවිතරයේ සඳහන් 10mg/kh ප්‍රමාණය ඉක්මවා ඇති බව සොයා ගත් බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම තොගය පිරිවිතරයන්ට අනුකූල නොව​න බැවින් මණ්ඩලයේ තොගවලට නොගෙන වෙනම ගබඩා කළ බවත් මෙම තොගය කිසිදු පවිත්‍රකරණ ක්‍රියාවලියක් සඳහා යොදා නොගත් බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT