මෙවර ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ අනුව දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව තවමත් සම්පූර්ණයෙන් සුවය නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඩිල්ෂාන් මධුංශක IPL තරගාවලියෙන් ඉවත්වී ඇති බව (20) නිවේදනය කළ අතර ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට නම් කර තරග තහනමකට ලක්වූ වනිඳු හසරංගද තවමත් බංග්ලාදේශයේ ටෙස්ට් සංචිතය සමඟ රැඳී සිටිමින් පුහුණුවීම්වලටද එක්ව තිබෙනවා.
ඒ අනුව හෙට (22) ආරම්භ වන ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙතෙක් කණ්ඩායම් සමඟ එක්ව තිබෙන්නේ මහීෂ් තීක්ෂණ හා නුවන් තුෂාර පමණයි.