Sports

ඉතිහාසගත ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල අද පිටියට

Wednesday, 03 April 2024 - 8:31 am

දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ඉතිහාසගත විස්සයි20 තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල (3) ඊස්ට් ලන්ඩන්හිදී සත්කාරකයන්ට එරෙහිව තරග බිමට පිවිසෙයි.

මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතය.

තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ වන විට දෙපිලම තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ සිටී. එබැවින් අද තරගාවලිය ජය තීරණය වනු ඇත.

දෙපිල අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි20 තරගාවලිය මෙය අතර, මින් පෙර පැවති තරගාවලි ත්‍රිත්වයේම ජය දකුණු අප්‍රිකානු කාන්තා පිල සතුවී තිබේ. එබැවින් ශ්‍රී ලංකා පිල අද තරගය ජය ගනිමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසයේ පළමු ජය වාර්තා කිරීමේ අරමුණින් තරග බිමට පිවිසෙයි. 2013 හා 2014 තරගාවලි ද්විත්ව 2-1ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගෙන තිබූ අතර, 2018 වසරේ අවසන් වරට පැවති තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක පරාජයක් අත්ව තිබිණි.

මේ දක්වා දෙපිල අතර විස්සයි20 තරග 16ක් පවත්වා ඇති අතර, ඉන් තරග 11ක් දකුණු අප්‍රිකාව ජය ගනිද්දී ශ්‍රී ලංකා පිල තරග 5ක් ජයගෙන ඇත. ඒ අතරට අවසන් වරට පැවති තරග 3ක් දෙකක් ඇතුළත්ව ඇත. දෙපිල අතර පොච්ෆ්ස්ට්රූම්හිදී පැවති දෙවැනි විස්සයි20 කඩුලු 7කින් ජයගත් ශ්‍රී ලංකා පිල මේ තරගාවලියට පෙර දෙපිල එක්වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුනු 3ක ජයක් අත්කරගෙන තිබිණි.

දෙපිල අතර දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට ජය ගෙන ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න සිය මංගල අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 65ක් රැස් කළේ පන්දු 57කිනි. ඇයට අනගි සහායක් දුන් කවිෂා දිල්හාරි පන්දු 28කින් නොදැවී ලකුණු 45ක් රැස් කළ අතර, ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවාය. මේ තරග ද්විත්වයේදීම නායිකා චමරි අතපත්තුට (1 හා 6) ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ බැවින් අද ඇයගෙන් කණ්ඩායමට දිගු ඉනිමක් එක් විය යුතුවම වී තිබේ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT