Sports

ICC CWC FINAL : ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

Sunday, 19 November 2023 - 11:11 pm

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති අවසන් තරගය කඩුලු 6 කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් KL Rahul  ලකුණු 66 ක්, Virat Kohli ලකුණු 54 ක් හා Rohit Sharma ලකුණු 47 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Mitchell Starc කඩුලු 3 ක් හා Josh Hazlewood හා Pat Cummins කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 43  වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 137 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Ma us Labuschagne ලකුණු 58 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 2 ක් හා Mohammed Shami එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණා.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT