Local

නිදහස් දි​න රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙස සඳහන් චක්‍රලේඛය සංශෝධන​ය කෙ​රේ

Monday, 03 February 2025 - 7:58 pm

77 වන නිදහස් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබූ 01/2025 චක්‍රලේඛය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 දින සිට පෙබරවාරි 07 වන දින දක්වා පුරා සතියක කාලසීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි දැනුම් දී තිබුණේ.

එසේම පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී තිබුනද නව චක්‍රලේඛය මඟින් එය සංශෝධනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT