ඒත්තුකාල වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකු දියවැල්වලට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී, පොලීසිය විසින් බේරාගෙන තිබෙනවා.
ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20, 21, 22 සහ 34 වයස්වල පසුවන, වේයන්ගොඩ, පූඩළුඔය සහ නමුණුකුල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අදාළ පිරිස බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.