Sports

අයර්ලන්ත කාන්තා පිල පළමුවරට ශ්‍රී ලංකාව පරදවයි

Wednesday, 14 August 2024 - 8:51 pm

ගේබි ලුවිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිගේ අර්ධ ශතක අපතේ යවමින් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.

ඩබ්ලින්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 7කින් ජය ගැනීමට අයර්ලන්තය සමත් වූ අතර, මේ සමඟ තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය. ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි20 තරගාවලියක් ජය පරාජයෙන් තොරව නිමා කර ගත් පළමු අවස්ථාව මෙයයි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 3කට ලකුණු 173ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 166ක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 44කින් ලකුණු 65ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟිනි. විශ්මි ගුණරත්න (1) සහ හසිනි පෙරේරා (10) වේලාසනින්ම දැවී යෑමෙන් පසු මුළු ලකුණු 29දී හර්ෂිතාට එක් වූ කවිෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට පන්දු 49කින් ලකුණු 72ක සබඳතාවක් ගොඩනැඟුවාය. තෙවැනි කඩුල්ල ලෙස හර්ෂිතා දැවී යෑමෙන් පසු කවිෂාට සහාය වීමට සෙසු පිතිකාරිනියන්ට නොහැකි වූ අතර, ඉනිම නිමා වන විට කවිෂා පන්දු 48කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් රැස් කර සිටියාය. පන්දු යැවීමේදී ෆ්‍රියා සාජන්ට් සහ ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් කඩුලු 2 බැගින් බිඳ දැමූ අතර, ආවා කැනින් සහ ජේන්

මැගියර් කඩුල්ලක් බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ගේබි ලුවිස් ඉනිමේ අවසන් පන්දුව තෙක් පිටියේ රැඳෙමින් ලකුණු 119ක් රැස් කළාය. පළමු කඩුල්ල ලකුණු 20දී බිඳ වැටීමෙන් අනතුරුව ලුවිස්ට එක් වූ ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් දෙවැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 80කිනි. පන්දු 31කදී ලකුණු 38ක් රැස්කළ ඔර්ලා දෙවැනි කඩුල්ල දැවී යෑමත් සමඟ ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කළ ලුවිස් තෙවැනි කඩුල්ලට රෙබෙකා ස්ටොකල් සමඟින් ලකුණු 34ක් එක් කළේ පන්දු 15කිනි. ඉන් රෙබෙකා වාර්තා කළේ ලකුණු 4ක් පමණි. ඉනිමේ අවසන් පන්දුවෙන් දුවද්දි දැවී යෑමට හසුවන විට ලුවිස් හතරේ පහර 17කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගෙන තිබුණේ පන්දු 75ක් පමණක් වැය කරමිනි. ඊයේ සිය විස්සයි20 ජාත්‍යන්තර තරග දිවියේ ඉහළම ඉනිම (119) වාර්තා කළ ගේබි ලුවිස්ගේ දෙවැනි විස්සයි20 ශතකය මෙයයි. පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි සහ අචිනි කුලසූරිය කඩුල්ලක් බැගින් දවා ගත්හ.

දෙපිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අනිද්දා (16)බෙල්ෆාස්ට්හිදී පැවැත්වේ.

අයර්ලන්ත කාන්තා පිල – 173/3 (ඕවර 20) ගේබි ලුවිස් 119, ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් 38 (ශෂිනි ගිම්හානි 24/1, අචිනි කුලසූරිය 36/1)

ශ්‍රී ලංකා කාන්තා පිල – 166/7 (ඕවර 20) හර්ෂිතා සමරවික්‍රම 65, කවිෂා දිල්හාරි නොදැවී 51 ( ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් 26/2, ෆ්‍රියා සාජන්ට් සහ 36/2, ආවා කැනින් 10/1, ජේන් මැගියර් 26/1)


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT