International

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගැන චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

Wednesday, 04 December 2024 - 7:55 pm

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගොඩ නැංවීම පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරනවා.

බෙයිජිං හි පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගොඩ නැංවීමේ සිව් වන රැස්වීමේදීයි චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මේ සඳහා උපායමාර්ගික ආත්ම විශ්වාසය සහතික කරමින් සිය වගකීම් හා යුතුකම් අභිමානයෙන් දැරිය යුතු බවට ෂී ජින්පිං මහතා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

වත්මන් දැඩි හා සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය යටතේ, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේදී අවස්ථා සහ අභියෝග පවතින නමුත්, සමස්ත වශයෙන්, අවස්ථාවන් අභියෝගවලට වඩා වැඩි බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළා.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීම 2013 වසරේ දී යෝජනා වූ අතර එතැන් සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය මෙන්ම විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රයත්න යටතේ එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල සහයෝගතා ක්ෂේත්‍ර අඛණ්ඩව පුළුල් වී එහි ජාත්‍යන්තර බලපෑම් ක්‍රමයෙන් ශක්තිමත් වී ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇති බව සඳහන්.

එයින් විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගෙන තිබෙන අතර වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීමෙන් ඊට සම්බන්ධ රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ දායකත්වයක් ලබා දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

මෑත වසරවලදී, ඒකපාර්ශ්වවාදය සහ ආරක්ෂණවාදය සැලකිය යුතු ලෙස වැඩිවෙමින් පවතින අතර ඇතැම් ප්‍රදේශවල ගැටුම් හා කැළඹීම් නිරන්ත‍රයෙන් සිදුවෙමින් පවතින බවත්, එම පසුබිම යටතේ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සඳහා විවිධ අවදානම් හා අභියෝග ජය ගැනීමට ධෛර්යය තිබිය යුතු බවත් ෂී ජින් පිං මහතා කියා සිටියා.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT