Business

සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 කාන්තා දිනය සමරයි

Saturday, 13 April 2024 - 10:06 am

“ඇය සවිබල ගැන්වීම දැය සවිබල ගැන්වීමයි” තේමාව පෙරදැරිකොට ගනිමින් ශ්‍රී ලාංකේය දිරිය කාන්තාවන් සවිබලගැන්වීම තම තිරසර මූල්‍ය ප්‍රතිපත්තියේ එක් ප්‍රමුඛ අරමුණක් කරගත් සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 මාර්තු 8 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සමරන්නට යෙදිණි. ඒ අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තාවන්ගේ නායකත්ව හැකියාව වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික මානව සම්පත් කළමනාකරණ අංශය විසින් පුද්ගල හැකියා ප්‍රවර්ධන උපදේශිකා ඉරුෂි අලුවිහාරේ මහත්මිය සමඟ එක්ව ‘Rise, Shine and Thrive’ යන මැයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී. සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ඉහළ කළමනාකාරීත්වය, කළමනාකරණ හා කාර්යාලීය කාර්ය මණ්ඩලය මෙන්ම මෙහෙයුම් සේවාවන්ගේ නියැළි කාර්ය මණ්ඩලය ඇතුළුව සමස්ත ආයතනික කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය 40% ක් වන්නේ ස්ත්‍රී පුරුෂභාවය නොසලකා හුදෙක් දක්ෂතාවය මත සුදුස්සාට සුදුසු තැන ලබාදෙමින් ක්‍රියාත්මක වන ආයතනික සංස්කෘතිය නිසාවෙනි. සියපත ෆිනෑන්ස් පීඑල්සී සමඟ ශක්තිමත් වූ ගනුදෙනුකාර භවතුන් අතර 23%ක ප්‍රතිශතයක කාන්තා නියෝජනයක් දැකගත හැකිය. ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරන කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමෙහිලා සියපත ෆිනෑන්ස් සතු නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා එදා මෙදාතුර දායකව ඇත.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT