International

ඊශ්‍රාලයෙන්, ලෙබනනයට ගොඩබිම් ප්‍රහාර

Thursday, 03 October 2024 - 8:23 pm

ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ලෙබනනයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරට ගොඩබිම් ගැටුම් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම ගැටුම් අතරතුරදී ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙකු මියගොස් ඇති බවය.

මේ අතර මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ද හදිසි හමුවක් කැඳවා තිබේ.

වසරකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නව මානයකට යොමුවුණේ ලෙබනනට සහාය දැක්වීමක් වශයෙන් ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ ව්‍යාපාරික ස්ථාන ඇතුළු දේපලවලට හානි සිදුව තිබේ.

ඉරාන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ඊශ්‍රායල හමුදා ලෙබනනය තුළට ඇතුළු වී තිබේ.

ඔවුන් ඊශ්‍රායල - ලෙබනන දේශසීමාවේ සිට මීටර 400ක් පමණ ලෙබනනය තුළට ඇතුළු වී තිබුණි.

එහිදී ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගොඩබිම් ගැටුම් ක්‍රියාත්මක වුණේ යුද ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරටයි.

ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර මෙම ගැටුම් අතරතුර දී ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

ඔවුන්ගේ මරණය පිළිබඳව ශෝකය පළකරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසා සිටියේ ඊශ්‍රායලය මේ වනවිට ඉරානයේ සහාය ලබන ත්‍රස්තයින්ට එරෙහි යුද්ධයේ උච්චතම අවස්ථාවට ළඟා වී ඇති බවයි.

ඊශ්‍රායල පාබල හමුදාව ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ඊශ්‍රායල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලද සහාය ඇතිවයි.

ඒ අනුව බීරුට් අගනුවර මධ්‍යම කලාපයට සහ ඒ ආසන්න දහියේ නගරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී තිබුණි.

ඉන් එක් ප්‍රහාරයක් ලෙබනන පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ කලාපීය ප්‍රධාන මූලස්ථානය ආසන්නයට එල්ලවූ බව සඳහන්.

ඊයේ පස්වරුවේ එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ වාසය කළ අමෙරිකානු ජාතිකයෙකු ද ඇතුළු හය දෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව ඊශ්‍රායල - හිස්බුල්ලා ගැටුම් තීව්‍ර වූ සති දෙකක කාලය තුළ දී ලෙබනනයේ වාර්තාවන පුද්ගල මරණ ගණන දහසකට අධිකයි.

මේ අතර ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ටෙල් අවීව් නුවරින් වාර්තා වූ පිහිඇනුම සහ වෙඩි තැබීමේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම හමාස් සංවිධානයට අනුබද්ධිත අල් කසම් සංවිධානය භාරගෙන තිබේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීය.

මේ අතර සිරියාවේ ඩමස්කස් අගනුවර නේවාසික ගොඩනැගිල්ලක් වෙතද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වුණි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර ඊට ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ ඥාති පුත්‍රයෙකු අයත් බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයේ සිරියාවේ පවතින ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇත්තේ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් ආරම්භයෙන් පසුවයි.

මේ අතර මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හදිසි හමුවක් කැඳවා තිබුණි.

ඒ ඉරාන ප්‍රහාර විවේචනය කිරීමට අපොහොසත් වීම හේතුකර ගෙන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගත් පසුබිමකයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්ටෝනියෝ ගුටෙරස් පවසා තිබුණේ, 'මෙම ගැටුම් මගින් සිවිල් ජනතාවට සිදුවන හානිය අපි අමතක නොකළ යුතුයි. ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම අපට නොසළකා හැරිය නොහැකියි. ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වහාම නැවැත්විය යුතුයි.' යනුවෙනි.

මේ අතර ඊශ්‍රායලයට හෝ අමෙරිකාවට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අමෙරිකාවත් එහිදී ඉරානයට අනතුරු ඇඟවිය.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT