කොළඹ ආනන්ද සහ නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ දෙවන හා අවසන් දිනය අදයි.
ඒ අනුව (02) තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ආනන්ද නායකයා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.
නාලන්දා ඉනිම ගොඩනැගූ නායක සජිත විතානගේ නොදැවී ශතකයක් රැස් කිරීමට සමත්වීම විශේෂත්වයක්.
නාලන්දා කණ්ඩායම කඩුලු 8ක් දැවී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ, ලකුණු 277ක් රැස් කරගෙන සිටියදී යි.
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියා.