International

ඉම්රාන්ගේ වසර 14ක සිර දඬු­වම අත්හි­ටු­වයි

Tuesday, 02 April 2024 - 8:06 am

අග­මැ­ති­ව­රයා  ලෙස කට­යුතු කරද්දී විදෙස් රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් සහ තානා­ප­ති­ව­රු­න්ගෙන් ලැබුණු  මිල අධික තෑගි භාණ්ඩ භාණ්ඩා­ගා­ර­යට ලබා­දීම වෙනු­වට සිය හිත­ව­තුන් අතර  බෙදා­දී­මෙන් සහ අලෙවි කිරී­මෙන් පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 140ක මුද­ලක් අයුතු  ලෙස උපයා ගැනීමේ චෝද­නා­වට වර­ද­කරු වී වසර 14ක සිර දඬු­වම් විඳි­මින් සිටින  පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ සිර දඬු­වම අත්හි­ටු­වී­මට  ඉස්ලා­මා­බාද් නුවර මහා­ධි­ක­ර­ණය ඊයේ නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.   ඔහු සමඟ එක්ව එම තෑගි භාණ්ඩ අලෙවි කළ බවට චෝදනා එල්ල වී සිටි ඔහුගේ බිරිය  බුෂ්රා බීබීට ද වසර 14ක සිර දඬු­වම් නියම කර තිබූ අතර, දෙදෙ­නාගේ සිර දඬු­වම  රාම­ලාන් උප­වාස සමය අව­සන් වීමෙන් පසු තීර­ණ­යක් ගන්නා තුරු අත්හි­ටු­වන බව  ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝග කර තිබේ.

ඉම්රාන් ඛාන් වසර 2018 සිට 2022  දක්වා කාලය ඇතු­ළත පාකි­ස්තා­නයේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අතර, එම කාලය තුළ  ඔහුට සහ බිරි­යට විදෙස් රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් සහ තානා­ප­ති­ව­රු­න්ගෙන් ත්‍යාග  108ක් ලැබී ඇතැයි ද වාර්තා වේ. ඉම්රාන්ට සහ බිරි­යට සිර දඬු­ව­මට අම­ත­රව  පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 787ක දඩ­යක් ද නියම කර ඇති අතර, දෙදෙ­නා­ටම වසර 10ක  කාල­ය­කට රජයේ කිසිදු තන­තු­රක් දැරීම ද තහ­නම් කිරී­මට අධි­ක­ර­ණය මීට පෙර පිය­වර  ගෙන තිබිණි.


Top Stories
wedivistara

මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය

wedivistara

රාජ්‍ය අංශයේ දූෂණ වංචා අවම කිරීමට නව වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා – විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි

wedivistara

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා

wedivistara

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

wedivistara

උසස්පෙළ පන්ති ජූනි 04 වනදා ආරම්භ වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

wedivistara

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

wedivistara

ඩුබායි නුවර සිට කෝටි 18ක රන් බිස්කට් හොරෙන් ගෙනා ඉන්දියාවේ ඇෆ්ගන් කන්සියුලර් ජනරාල් මාට්ටු

wedivistara

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

wedivistara

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

wedivistara

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


NEWS ALERT