Local

රටක් දියුණු කරන්න වෙනම මෙවලම් තිබෙනවා. ඒවා ඔස්සේ රට දියුණු කළ යුතුයි - වජිර

Tuesday, 02 January 2024 - 6:30 pm

මීළඟ මැතිවරණයේදී විකටයින් පිරිසකට රට භාරදුනහොත් රට යළි පසුබෑමකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එලෙස සිදු වුවහොත් ඒ සඳහා ඔවුනට දෝෂාරෝපණය නොකර එහි වගකීම බොරු පිළිගත් මහජනතාව භාරගත යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමහර දේශපාලන කණ්ඩායම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා​ව ඉස්මතුකර ඒ තුළින් ලබාගන්නා ඡන්දවලින් රටක් දියුණු කිරීමට උත්සාහ කරන බවත්, එය කිසි දිනෙක සිදු නොවන බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ, රටක් දියුණු කිරීමට නම් වෙනම මෙවලම් ඇති බවත් එම මෙවලම් ඔස්සේ රටක් දියුණු කළ යුතු බවත් ඔහු පැවසුවා. 

රට සම්බන්ධයෙන් දර්ශනයක්, ඉලක්කයක් හෝ රට මෙහෙයවීම​ට වැඩපිළිවෙළක් නැති දේශපාලන පක්ෂවල දක්ෂතාවය වන්නේ අනෙක් පිරිස්වලට හොරු යැයි චෝදනා කරමින් හොරු ඇල්ලීමට අවස්ථාව ලබාදෙන ලෙස පැවසීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT