2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය, පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්වී තිබේ.
මේ සමග කමලා හැරිස් අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලනඥවරිය බවට ද පත්වී ඇත.
ඒ අනුව ඉදිරි දිනකදී කමලා හැරිස් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කෙරුණු ඇත.
ඒ සමග කමලා හැරිස් සිය උප ජනාධිපති නම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.