Sports

SL vs BAN 1st Test : ශ්‍රී ලංකාවට ලකුණු 328 ක විශිෂ්ට ජයක්

Tuesday, 26 March 2024 - 10:26 am

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලකුණු 328 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබාගත්තා.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජයද සිල්වා හා කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැඟින් ලබා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 188 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක්, කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 93 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගනිමින් ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශ කණ්ඩායමට ලබා දුන්නා.

දෙවන ඉනිමේදී පන්දුවට පහරදුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 108 ක් ලබා ගත්තා.

ඉන් අනතුරු දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 182 ක් පමණක් වන අතර පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 328 ක විශිෂ්ට ජයක් හිමි වුණා.

 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT