උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසෙවෙනි සිය පුත්‍රයා එරට හමුදාපතිවරයා ලෙස උසස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා සිය වැඩිමල් පුත්‍රයා අනාගත ජනාධිපති කිරීමේ අරමුණින් මේ පියවර ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අනූව දශකයේ අගභාගයේ සිට උගන්ඩාවේ යුද හමුදාවේ විවිධ නිලයන් හි කටයුතු කර ඇති ජෙනරාල් මුහූසි කයිනෙරුගබා හමුදා ප්‍රධානියා ලෙස පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් උගන්ඩාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. 49 හැවිරිදි නව හමුදාපතිවරයා 2026 එරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග වදින බවට පසුගිය වසරේ අගභාගයේදී එක්ස් සමාජ මාධ්‍යජාලයේ පළ වී තිබූ අතර, පසුව එම සටහන ඉවත් කිරිමට එරට රජය පියවර ගෙන තිබේ.