Local

තලවකැලෙන් අතුරුදහන් වු පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල ප්‍රදේශයෙන් හමුවෙයි

Monday, 05 August 2024 - 2:38 pm

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක සිටියදි ඊයේ (04) දින පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පවසයි.

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ කුරුදු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවට එහිදී අනාවරණය වී තිබෙයි.

එම සිසු සිසුවියන් අවු 14 සහ 16 වයස් කාණ්ඩ පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බදවාගෙන නොමැත.

අතුරුදහන්ව සිටි එම සිසුවියන් තිදෙනා සහ සිසුවාගේ එක් ඥාතියෙකු එම කුරුදු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට ඇති බවත්, ඒ අනුව එම සිසුවියන් තිදෙනා සහ සිසුවා ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග බණ්ඩාරවෙල දක්වා ගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකු මාර්ගයෙන් එම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ කුරුදු කර්මාන්ත ශාලාවක රැකියාවට ගොස් ඇති බවට කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

රැකියාව නොලැබුණු නිසා එම සිසුන් පිරිස එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැදි සිට ඇත.

එම සිසුවියන් තිදෙනා සහ සිසුවා සන්තකයේ තිබු දුරකථන අංකයක් ඔස්සේ විමර්ෂණයක් සිදු කර සිසුවියන් සහ සිසුවා සැගව සිටින ස්ථානය හදුනාගෙන තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් සිසුවියන් තිදෙනා සහ සිසුවා සොයාගත් බවත්, එම සිසුන් සිව්දෙනා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද තලවකැලේ පොලිසිය පැවසිය.

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවන්ද පැවසිය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT