Local

වාහන නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

Tuesday, 12 December 2023 - 12:40 pm

වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් ලක්ෂ 80 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි තිළිණි ප්‍රියමාලි එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ නියෝග කළා.

පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මෙම චෝදනා පත්‍රයේ චෝදනා ගොනුකර තිබෙන ආකාරය අනුව අදාළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූ අතර, එයින් පසු විත්තිකාරිය මෙම නඩුවෙන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළා.

2010 වසරේ පැමිණිලිකරුට අයත් රුපියල් ලක්ෂ 80 ක් වටිනා වාහනයක් ලබාගෙන, මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී, එම මුදල සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින්, විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT