International

රුසියානු-යුක්රේන අර්බුදය නිමා කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි – චීනය අවධාරණය කරයි

Saturday, 13 April 2024 - 10:41 am

දේශපාලනමය විසඳුම යුක්රේන අර්බුදය සමථයකට පත් කිරීමට ඇති එකම මාර්ගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවං පවසයි. මේ සම්බන්ධයෙන් 11 වැනිදා ආරක්ෂක මණ්ඩලයේ පැවති සමාලෝචන රැස්වීමක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

දේශපාලන විසඳුමක් සඳහා පළමු පියවර තැබීමට සෘජු සංවාදයක් පවත්වන ලෙස චීනය නැවත වරක් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය. ජාත්‍යන්තර ප්‍රජාව ඊට මැදිහත්වීමේ ප්‍රයත්න පුළුල් කළ යුතු අතර, අදාළ පහසුකම් නිර්මාණය කළ යුතු බවත් ගෙං ෂුවං පෙන්වා දී ඇත.

මේ අතර, පවතින අර්බුදය සම්බන්ධයෙන් ඵලදායී සංවාදයක යෙදීමට රුසියාව කැමැත්තෙන් සිටින නමුත් යථාර්ථවාදී නොවන කොන්දේසි පැනවීම ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසා ඇත. යුක්රේනය සාකච්ඡා ප්‍රතික්ෂේප කර යුද පිටියේ දී රුසියාව පරාජය කිරීමට උත්සාහ කළ බවත්, එය කළ නොහැකි බව තේරුම් ගෙන ඇති ඔවුන් දැනට ඉතා දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT