International

පැය 24ක් ඇතුළත චීන ප්‍රහාරක යානා 10ක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට තායිවානයෙන් චෝදනා

Friday, 19 April 2024 - 8:30 am

චීන හමුදා ගුවන් යානා 10ක් සහ නාවික ප්‍රහාරක යාත්‍රා 7ක් පෙරේදා සිට පැය 24ක කාලයක් පුරා තායිවාන අවට සැරි සැරූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනයට අයත් ඔත්තු සැපයීමේ බැලූනයක් ද තායිවාන අහස් සීමාවට පිවිසි බව එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇති බවය.තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එම ගුවන් යානා චීන මහජන විමුක්ති හමුදාවට අයත් වන අතර, ඉන් ගුවන් යානා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධිය ගුවන් සීමාවට ඇතුළු වී තිබේ. තවත් ගුවන් යානා 4ක් තායිවානයට දකුණින් ගුවන් සීමාව උල්ලංඝනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන ගුවන් යානා සහ ප්‍රහාරක යාත්‍රා හඳුනා ගැනීමෙන් පසු තායිවාන හමුදාවට අයත් ගුවන් යානා සහ නාවික යාත්‍රා යෙදවීමටත්, මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමටත් එරට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මාසයේදී පමණක් චීන හමුදාවට අයත් ගුවන් යානා 57ක් සහ නාවික යාත්‍රා 57ක් සිය ගුවන් සීමාවේදී සහ මුහුදු සීමාවේදී හඳුනාගත් බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT