Local

ප්‍රතිදේහ එන්නත් වංචාව ගැන වෛද්‍ය සමන් රත්නායකගෙන් හෙට පාපොච්චාරණයක්

Sunday, 03 March 2024 - 4:34 pm

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව දීර්ඝ ලෙස කරුණු විභාග කිරීමෙන් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ සුවිශේෂි කරුණු කිහිපයක් දක්වමින් සිට සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම්වනවාත් සමඟම විත්තිකූඩුවේ සිටි සැකකරු තමන්ට අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව සඳහන් කර තිබෙනවා.

අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට අවැසි නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙන අතර මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව සිදු කිරීමට හැකි බවත් එසේ සිදුකරන ප්‍රකාශය අධිකරණය ඉදිරියේ සැකකරුට එරෙහිව භාවිතා වීමට හැකිි බවද, එම ප්‍රකාශය මත ඔහුව තවදුරටත් සැකකරුවෙකු ලෙස සැලකීම හෝ නඩුවේ සාක්ෂිකරුවෙකු කරගැනීම සිදු වන බැවින් හොඳින් සිිතා ඒ පිළිබඳ තීරණයක් ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය සැකකරුට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබෙනවා.

අනතුරුව සැකකාර සමන් රත්නායක තමන් ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් හෙට (04) දිනයේ ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවත්, එතෙක් සැකකරුව සෙසු සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT