Local

උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් වසර හයක් තිස්සේ පාසල් වලට බදවා ගෙන නෑ..

Tuesday, 03 December 2024 - 7:29 am

සබරගමුව පලාතේ සිටින ගුරැ විභාගය සහ සමිමුඛ පරික්ෂණ සමත් උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරින් 370 කුට ආසන්න පිරිසක් වසර හයකින් පමණ ඉංග්‍රීසි ගුරැපත්විමි සදහා පාසල් වලට බදවා ගෙන නොමැති බවට සබරගමු පාලාත් සිටින රැකියා විරහිත උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිහු චෝදනා කර සිටිති.

2018 වසරේ තමන් උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරි උපාධිය ලබාගත් බවත් එහෙත් මෙතෙක් තමන් පාසල්වල රැකියා සදහා බදවාගැනිමට පැවැති කිසිම රජයක් කටයුතු නොකිරීම හේතුවෙන් තමන් දැඩ් අසරනතාවට පත්ව සිටින බව එම උපාධිධාරීහු පෙන්වා දෙති.

දිවයින පුරා ඇති පාසල් සදහා ඉංග්‍රීසි ගුරැවරැන් බදවා ගැනිම සදහා 2021 වසරේ එවකට පැවැති රජය මගින් නිකුත් කල ගැසට් නිවෙිදනයකට අනුව තමන් එම වසරේ ගුරැ විභාගයට පෙනි සිටි බව ඔවුහු කියති.

එම විභාගයේ ප්‍රථිපල වසර තුනකට පසු 2024 වසරේ නිකුත් කල බවත් එයින් සමත් උපාධිධාරීන් ගුරැ සේවයට බදවා ගැනිම සදහා 2024 වසරේ මැයි මස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සමිමුඛ පරික්ෂණ පැවැත්වු බවද එම උපාධිධාරීහු පැවැසුහ. එම සමිමුඛ පරික්ෂණ වලින් සමත් මෙම කණ්ඩායම මෙතෙක් ඉංග්‍රීසි ගුරැ පත්විමි සදහා බදවා නෙගෙන ඇති බවට ඔවුහු චෝදනා කරති.

සබරගමු පලාතේ ඇති පාසල් වල ඉංග්‍රීසි ගුරැ පුරප්පාඩු හත්සියක් පමණ තිබෙන බවට තමන්ට තොරතුරු ලැබි තිබෙන බව ඔවුහු කියති. උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් ලෙස තමන් දැනට වසර හයක පමණ කාලයක් රැකියා සදහා බදවා නොගැනීම හේතුවෙන් තමන්ගේ ජිවිතයේ අනාගතය සමිපුර්ණයෙන්ම විනාශ වෙමින් තිබෙන බවද ඔවුහු කියති.

මෙිි අතර උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් සිටියදි සාමාන්‍ය ඉංග්‍රීසි උපාධිධාරීන් අවස්ථා කිහිපයකදිම රජය මගින් බදවාගෙන සබරගමු පලාතේ පාසල් වලට ඉකුත් කාලයේ අනියුක්ත කර තිබෙන බවත් එම බදවා ගැනිමිද නි⁣සි ක්‍රමවෙිදයකට අනුව සිදු කර නොමැති බවටද ඔවුහු චෝදනා කර සිටිති.

ගුරැ විභාගය සමත් උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් දැනට රැකියා විරහිතව 2200 ක පමණ පිරිසක් දිවයින පුර සිටින බවත් මෙතෙක් පාසල් වලට බදවා නොගැනීම හේතුවෙන් මෙිි සියළු පිරිස වසර හයක පමණ කාලයක සිට අසරනතාවට පත්ව සිටින බවටද ඔවුහු සදහන් කලහ. මෙිි සමිබන්දයෙන් නව රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සබරගමු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යෙමු කර තමන් ඉංග්‍රීසි ව්ෂය සදහා පාසල් වලට බදවා ගැනිමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිති.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT