Local

‘මව්බිම’ පත්තරේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි වරප්‍රසාද කමිටුව තීරණය කරයි..

Saturday, 10 August 2024 - 9:57 am

2024.04.07 වන ඉරිදා මව්බිම පුවත්පතේ පල කරන ලද ‘ජහමනයා අන්දන ක්‍රම සහ විධි’ යන ශීර්ෂයෙන් යුත් ලිපියක් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2024.04.18 දින කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකරන ලදී.

ඒ අනුව, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කරන ලද අතර, වරප්‍රසාද කමිටුවේ නියෝජිතයින් මෙය සමතයකට පත් කරනවා ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමක් සිදු කරනවා ද යන්න පිළිබඳ රණවක මහතාගෙන් විමසීමක් සිදු කරන ලදී.

වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු කාරක සභාවක සහ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කෙරෙන මෙම ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරා දඬුවම් ලබා දිය හැකි වරදකි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාඨලී චම්පික රණවක මහතා විසින් කටයුතු කරන බව දැනුම් දුන් අතර, වරප්‍රසාද කමිටුවේ නියෝජිත මන්ත්‍රීවරුන් ද, එය අනුමත කරන ලදී.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT