Local

වැඩි වෙන අපේක්ෂකයෙකුට වියදම මිලියන 200ක් -මැකො

Saturday, 10 August 2024 - 9:41 am

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,

'එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ.'

මෙවර ජනාධිපතිවරණය සඳහා නව සම සමාජ පක්ෂයේ අපේක්ෂත්වය වෙනුවෙන් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා සහ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් කීර්ති වික්‍රමරත්න මහතා අද ඇප මුදල් තැන්පත් කළේය.

ඒ අනුව මේ දක්වා ඇප මුදල් තැන්පත්කර ඇති අපේක්ෂකයින් ගණන 27කි

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ (09) අවසන් වේ.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

අදාළ කාලය පසුගිය 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාර ගැනීමේ කාලය අද දිනය දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT