International

දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙටයි

Monday, 02 June 2025 - 11:07 pm

දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

 
ඒ, හිටපු ජනපති යූන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට නව පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහායි. 
ව්‍යවස්ථානුකූලව එරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2027 වසරේදීයි. 
 
නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැය 6කට ආසන්න කාලයක් යුද නීතිය පැනවීමේ සිද්ධිය මුල් කරගනිමින් යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණා. 
 
මත විමසුම්වලට අනුව මෙවර තරග වදින අපේක්ෂකයින් 6 දෙනා අතරින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ චේ-මියොන්ග් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ජනතා බලය පක්ෂයේ අපේක්ෂක කිම් මූන්-සූ තරග වදිනවා. 
 
මෙවර දකුණු කොරියානු ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ වසර 18කට පසුව පළමු වරට කාන්තාවක් තරග නොකිරීමයි.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT