Entertainment

රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

Friday, 08 March 2024 - 4:03 pm

ප්‍රවී​ණ ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 73 වන වියේ පසු වුණා.

1974 වසරේදී ‘හේවායෝ’ වේදිකා නාට්‍යයෙන් වේදිකා පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය 1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මන රංජන වෙද වර්ජන’ නාට්‍යයේ 'ගුණවතී' චරිතය හරහා වේදිකා නාට්‍ය කළාවේ පෙරළියක් සිදු කිරීමට සමත් වුණා.

ඇය අහසින් වැටෙන මිනිසුන් (1971), ඉඩම (1975), ජේලර් උන්නැහේ (1986), දූවිලි (1990) සහ රජ කතාව (1991) යන නාට්‍යවල රඟපෑ අතර පසුව සඳ කිඳුරි, මුහුදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ සහ හිරු නැති ලොව ඇතුළු ජනප්‍රිය නාට්‍ය රැසකට මෙන්ම ටෙලිනාට්‍ය ගණනාවක​ට සිය රංගන දායකත්වය ලබාදුන්නා.  

ඇ​ය අඛණ්ඩව වසර 41ක් කැලණි පාලමේ 'මැටිල්ඩා' චරිතය රඟපෑම විශේෂත්වයක්.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT