Sports

සුපිරි තරුව චමරි යළිත් සිඩ්නි පිලට -ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි

Saturday, 17 August 2024 - 10:28 am

අතපත්තු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර්ස් පිල සමඟ වසර තුනක ගිවිසුමකට එළැඹෙයි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියා කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේදී සිඩ්නි තන්ඩර්ස් පිලේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස එක්ව සිටි ඇය තරග 15කදී ලකුණු 552ක් සහ කඩුලු 9ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.

පසුගිය මාසයේදී පැවති කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු දැක්වූ දායකත්වය බොහෝ දෙ‍ෙනක්ගේ අවධානයට ලක්වූහ. චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර්ස් පිල සමඟ අත්සන් කළ නව ගිවිසුම අනුව මේ වසරේ සිට 2027 දක්වා එම කණ්ඩායමට ක්‍රීඩා කළ යුතු වේ.

නව ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් අතපත්තු පැවසුවේ “ඉදිරි වසර තුන සඳහා සිඩ්නි තන්ඩර්ස් පිල වෙත කැපවීම පහසු තීරණයක් වූයේ මේ සමාජයේ දැක්ම ගැන තමන් තුළ ඇති විශ්වාස නිසා බවය. එහි අනාගත සාර්ථකත්වයේ කොටස්කරුවෙකු වීමට මට අවශ්‍ය නිසා ඉතා කැමැත්තෙන් ගිවිසුම් අත්සන් කළා” චමරි පැවසුවාය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT