Local

දිලිත් හෙළිකළ අනාගත අවදානම

Monday, 09 September 2024 - 6:18 pm

සියලු පක්ෂ දෙස නිවැරදි දැක්මකින් යුතුව විමසිල්ලෙන් බලා ජනතාව තීරණ ගත යුතු බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක, දිලිත් ජයවීර මහතා පවසයි.

දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන 'දිලිත් ගමට' ජනරැලි මාලාවේ තවත් රැළියක් අද (09) දහවල් අයගම සතිපොළ ඉදිරිපිටදී පැවැත්වුණි.

එහිදී ජනතාව අමතමින් ව්‍යවසායක, දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී නිවැරදි තීරණයක් නොගතහොත් එය වර්තමාන පරම්පරාව විසින් සිදුකරන යළි නිවැරදි කළ නොහැකි වරදක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,

'අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, තර්ජනයට ලක්කරන බව ඉතා පැහැදිලියි. ඔවුන් නිතර නිතර කියනවා මේ රටේ සභ්‍යත්වය, සංස්කෘතිය කියලා අටමගලයක් නෑ ලු. ඒ කියන්නේ අපි සංස්කෘතියක් සභ්‍යත්වයක් නැති රටක්. ඒ සියලුදෙනාටම සභ්‍යත්වයක්, සංස්කෘතියක් නැති බව ඇත්ත, ඒ ගැන අපි අනුකම්පා කළ යුතුයි. සියයට 3ක් ජනතාවට ඕනෑම ලෝකයේ සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති ජනතාවයක්. ඒක තමා ඇත්ත. හැබැයි ඒක ඉතුරු 97% මත පටවන්න දරන මේ උත්සාහය පරාජය කරන්න ඕනේ. ඒ නිසා අපි කියන්න ඕනේ මේ රටේ සුවහසක් දේශප්‍රේමි ජනතාවට විමසිල්ලෙන් බලාසිටිය යුතුයි මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. තීරණය ගත යුතුයි ඒ මත. එහෙම නොවුණොත් නැවත නිවැරදි කළ නොහැකි වරදක් අපේ පරම්පරාවෙන්, අපි ජීවත්ව ඉන්නකොට මේ රටට වෙන්න පුළුවන්.' 

'මේ විදියට තුන්දෙනාම එකතු වෙලා රට පාවලා දෙන්න යන මොහොතක, පොත් තුනක් ගහලා තියෙනවා. ඒ පොත් තුනේ වෙනස තමා කවරේ ඇරුණහම පාවලා දීමේ වගන්ති, විවිධ තැන්වල විවිධ අකුරින් ගහලා තියෙනවා. තුන්දෙනාම නෙමෙයි ඇත්තටම පස්සෙන් එන බබාගේ සිට, බබාගේ පොතත් එහෙමයි.'


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT