Local

මහා ශිව රාත්‍රී දින පණිවිඩය

Friday, 08 March 2024 - 3:43 pm

ලොව ජීවත්වන සියලුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනයේ දී සිහිපත් කරනු ලබයි.

එසේම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවා යන අර්ථයෙන් යුතුව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මේ සමඟ එක් වෙති.

ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වූ රටේ ජනතාව ඉන් මුදා ගැනීමට පසුගිය වසර දෙක තුළ රජය මහත් කැපවීමකින් යුතුව කටයුතු කළේය.

හින්දු ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේම සශ්‍රීකත්වයේ අපේක්ෂාවන් ඉටුකරමින් අද එම වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා පැමිණෙමින් තිබේ.

මහා ශිව රාත්‍රී දිනයෙන් අර්ථවත් කරන සාමය සහ සංහිඳියාව ද අගයමින්, මමත්වයෙන් හා අහංකාරත්වයෙන් තොරව රටක් ලෙස සියලුදෙනා එකට එක්ව රටේ අනාගතය වෙනුවෙන් එම වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යා යුතුය.

මහා ශිව රාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකවත් කරන්නා සේම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීමට ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT