International

රුසියානු විපක්ෂ නායකයාගේ මරණයට ලෝක නායකයන්ගෙන් පුටින්ට චෝදනා

Monday, 19 February 2024 - 12:57 pm

විරෝධතා දැක්වූ 400ක් අත්අඩංගුවේ

වසර 19ක සිර දඬුවම් ලබා බන්ධනාගාරගතවී සිටියදී ජීවිතක්ෂයට පත් වූ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධව ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට ලෝක රාජ්‍ය නායකයන්ගෙන් චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස සැලකෙන 47 හැවිරිදි නවාල්නි පසුගියදා එරට ප්‍රාදේශීය බන්ධනාගාරයකදී ජීවිතක්ෂයට පත් වූයේ රුසියාවේ මීළඟ ජනාධිපතිවරණයට මාසයක කාලයක් ඉතිරිව තිබියදීය.

නවාල්නිගේ හදිසි මරණයට කිසිදු සැකයකින් තොරව පුටින් වගකිව යුතු බව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ මරණය පිළිබඳ බ්‍රිතාන්‍ය රජය පියවර ගැනීමට නියමිත බව එරට විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. නවාල්නිගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ලොව ප්‍රබලතම රටවල් එකතුව වන ජී-7 සංවිධානයේ විදේශ අමාත්‍යවරු රුසියාවෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් විදෙස් චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඔහුගේ මරණය පිළිබඳ එල්ල වන චෝදනා පදනම් විරහිත සාවද්‍ය තොරතුරු බව එම නිවේදනයේ සඳහන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර බාර දෙන බව බලධාරීන් ප්‍රකාශ කළද, නවාල්නිගේ මළ සිරුර මෙතෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බාර දී නැති බවත් වාර්තා වේ.

මේ අතර රුසියාවේ විපක්ෂ නායකයාගේ මරණය සම්බන්ධව විරෝධතාවක නිරත වූ සමාජ ක්‍රියාකාරීන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඉන් වැඩි පිරිසකට සිර දඬුවම් නියම කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT