Sports

ටයිකොන්ඩෝ ජාත්‍යන්තර තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී

Thursday, 16 November 2023 - 4:09 pm

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation - THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ ආසියානු කලාප ප්‍රධානී Kang Dae Geun මහතා සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා යන මහත්වරුන් විසින් අත්සන් කරන ලදී.

තවද ලෝක ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කළ අතර එහි සභාපති වරයා ලෙස සබරගමු පලාත් සභා සභාපති කංචන ජයරත්න මහතා පත් කරන ලදී. ඊට අදාළ නිල ලිපිය සඳහා අත්සන් කිරීම හා නිල ලාංචන පැලදීම මෙහිදී සිදු කරන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් රුවන් අලහකෝන්, තාක්ෂණික කමිටු ප්‍රධානී කී සූ ලී (Ki Su Lee) මූල්‍ය පරිපාලක දසුන් විජේසිංහ යන මහත්වරුන්  සහභාගි විය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT