Local

පෝලිම් නැති කලාට ඡන්දය දිය යුත්තේ රනිල්ට නොව ඉන්දියාවේ මෝදිටයි..- SJB පේෂල

Friday, 02 August 2024 - 11:16 am

පෝලිම් නැති කලාට ඡන්දය දිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට බව සංගීත ශිල්පී පේෂල මනෝජ් මහතා සදහන් කරයි.
සමගි ජන කලා සංගමය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
මෙරට හෙනයක් සහ සාපයක් මැද සිටි කාලය අවසන් කළ යුතු බවත් රාජපක්ෂ සහ වික්‍රමසිංහ යුගයේ මෙරට පුරවැසියන් විදිය හැකි උපරිම දඬුවම් විඳ ඇති බවත් ඔහු පැවසීය.
හය වරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් අලුත් යුගයක් ගැන කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මාර නම් එක්සත් ජාතික පක්ෂය බිංදුවට නොවැටෙන බවත් පේෂල මනෝජ් මහතා කීය.
ණය නොගෙවන සහ වාහනේ ලීසිං නොගෙන තාක්කල් සියලුම දෙනා කෝටිපතියන් බවත් වික්‍රමසිංහ මහත්තයා පෝලිම් නැති කළා කියනවා නම් මෙරට ජනතාව කළ යුත්තේ ඒ සඳහා ණය දුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති කරගැනීම බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT