Local

රත්නපුරේ පහකට ඇසිඩ් ගැසූ සැකකරු රිමාන්ඩ්

Friday, 08 March 2024 - 8:17 am

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසලදී (06) උදෑසන ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර සිව්දෙනකුට තුවාල සිදු කළ සැකකරු මාර්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රියංකා ගුණවර්ණසූරිය (07) නියෝග කළාය.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ රත්නපුර මිල්ලකඩේ දොඩම්පෙ පදිංචි බෝධිනායක ආරච්චිගේ සමන් ශාන්ත (61) නමැති අයෙකි. ඇසිඩ්වලින් පහර දී කාන්තාවන් තිදෙනකුට සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදු කර මරණයට පත් කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. මෙසේ ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සිද්ධිය වී සුළු මොහොතකින් රත්නපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සැකකරු හෘදයාබාධයක් හේතුවෙන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රත්නපුර මූලස්ථාන පොලිසිය කටයුතු කර ඇත. රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය රත්නපුර රෝහලට ගොස් සැකකරු පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්තු මස 18දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. ඒ අනුව ඊයේ සවස සැකකරු කුරුවිට බන්ධනාගාර නිලධාරීන් භාර ගැනීමට නියමිතව තිබිණි. මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්ව රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන්නේ වෙන්දේසිවත්ත, බණ්ඩාරගම පදිංචි මුරුක්කු මාදුරගේ රනුක ලක්මාල් ප්‍රභාත් ද සිල්වා (44), බළන්ගොඩ, දුරකන්ද දිසානායක මුදියන්සේලාගේ සුනෙෂ්කා ප්‍රබෝධනී විජේතුංග (24), මොරකැටිය, ඇඹිලිපිටියේ මදීසා දිනෙක්ෂි රුවන්පතිරණ (21), බණ්ඩාරගම මෙරිඤ්ඤගේ සමලා ලක්මාලි කොස්තා (40), කොරලවැල්ල, මොරටුව පදිංචි ලැබුණ හේවාගේ හර්ෂණ ලක්මාග් ප්‍රියදර්ශන (41) යන අයයි.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT