Sports

පැරාලිම්පික් තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08ක්

Saturday, 24 August 2024 - 7:34 pm

පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.

එහි දී ඔවුන් ඉසව් 22ක් යටතේ තරග වදිනු ඇත.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, සමිත දුලාන්ටය.

හෙල්ල විසි කිරීමේ F44 ඉසව්ව යටතේ ඔහු තරග කිරීමට නියමිතව තිබේ.

නුවන් ඉන්දික තරග කරනු ලබන්නේ මීටර් 100 T44 ඉසව්වටයි.

F42/63 යගුලිය විසි කිරීමේ ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී වනු ඇත.

මීටර 100 ඨT42/63 තරග ඉසව්වට අනිල් ජයලත් ක්‍රීඩා කරන බවයි, ජාතික පැරාලිම්පික් කමිටුව සඳහන් කළේය.

ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 T46 ඉසව්වටත් සුරේෂ් ධර්මසේන රෝදපුටු ටෙනිස් තරගයටත් ක්‍රීඩා කරනු ලබයි.

නවීඩ් රහීම් පිහිනුම් S9 ඉසව්වට සහභාගී වීමට නියමිතය.

ජනනි ධනංජනා දුර පැනීම ඨ්47 ඉසව්ව සඳහා එක්වනු ඇත.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන 25 වැනිදා පැරිසිය බලා පිටත් වීමට නියමිත බවයි, ජාතික පැරාලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය.

 
 
 
 


Top Stories
wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවේ ප්‍රචාරණ කටයුතු හෙට ඇර​ඹේ

Trending
wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි නොකලොත් තීරණයක් ගන්නවා - සමන් රත්නප්‍රිය

wedivistara

ජනතාවගේ ගැටලුවලට පිළිතුරු නොදී අනිත් අයගේ කෙඳිරිලි අඩු කරන්න ගියාට හරියන්නේ නෑ - රාජිත

wedivistara

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම්දීමක්

wedivistara

ට්‍රම්ප් හෙට ජනපති ධූරයේ දිවුරුම් දෙයි

wedivistara

එජාප - සජබ එක්වීමේ පළමු සාකච්ඡාව අද


NEWS ALERT