Local

COP28 වෙනුවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි

Wednesday, 06 December 2023 - 8:37 pm

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිළිගන්වනු ලැබීය.
දේශගුණික විපර්යාස තුළින් සිදුවන බලපෑම මෙන්ම ඒ වෙනුවෙන් ගත හැකි විසඳුම් ඇතුළත් ප්‍රධාන නිර්දේශ 10කින් මෙම තරුණ ප්‍රකාශනය සමන්විත වේ.
දේශගුණික විපර්යාස පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තරුණ තරුණියන්ට ලබාදීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී තරුණ නියෝජනය පුළුල් කිරීම, පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය සුරැකීම සම්බන්ධයෙන් ගත යුතු හදිසි මෙන්ම වැදගත් ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව මෙම තරුණ ප්‍රකාශනය තුළින් අවධාරණය කර ඇත.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, බෝධ් මාතුර මහතාගේ නායකත්වයෙන් ෆාතිමා ශම්ලා, සන්දෙව් ෆර්ඩිනැන්ඩෝ සහ තරුෂි වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් පිහිටුවනු ලැබූ කමිටුව මඟින් මෙම ප්‍රකාශනය කෙටුම්පත් කරනු ලැබීය.
මෙහිදී පසිඳු ගුණරත්න මහතා ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දේශගුණික විපර්යාසයන් පිළිබඳ ව සිදුකළ විශේෂ තරුණ පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙන්ම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සිසු සිසුවියන් සහ ප්‍රථම දේශීය තරුණ සමුළුවට (Inaugural Local Conference of Youth) සහභාගි වූ තරුණ තරුණියන් ඉදිරිපත් කරන ලද යෝජනා සහ අදහස් ද මෙම ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේ කාර්යයේදී වඩාත් වැදගත් වූ බවයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කළ මෙම ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය පසුගිය දෙසැම්බර් 02 වැනිදා ඩුබායිහිදී පැවති එම සමුළුව අතරවාරයේ සංවිධානය කළ ”ශ්‍රී ලංකා තරුණ වැඩසටහන” අවස්ථාවේදී පසිඳු ගුණරත්න මහතා විසින් එළිදක්වනු ලැබීය.

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව අතිසාර්ථක ලෙස පැවති මෙම ”ශ්‍රී ලංකා තරුණ වැඩසටහන”, ජාතික තරුණ සේවා සභාව, ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබිණි.
එසේම මෙම සමුළුව සඳහා එක්ව සිටි තරුණ නියෝජිත කණ්ඩායම රජයේ කිසිදු අරමුදලක් භාවිත නොකිරීම ද විශේෂත්වයකි.
අදාළ තරුණ ප්‍රකාශනය http://www.nysc.lk/youthstatements.pdf හරහා පරිශීලනය කළ හැකි ය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT