ශ්රී ලංකා දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි .දෙරට අතර ඉකුත් සිකුරාදා පැවති පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ සිය 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්ව තිබේ.ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇත.එබැවින් වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.