Sports

කොදෙව් දූපත්හි හා ඇමෙරිකාවේ තණතීරු තරමක් මන්දගාමී බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා - උපුල් තරංග

Tuesday, 14 May 2024 - 8:03 am

වත්මන් වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

මතීෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු පසුගියදා යළි දිවයිනට පැමිණ තිබුණා.

මේ අතර, පාදයක ආබාධයක් හේතුවෙන් IPL තරගාවලියම අහිමි වූ වනිදු හසරංග මේ වන විට ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක සිටින බවද තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළා.

ලෝක කුසලානය පැවැත්වෙන කොදෙව් දූපත්හි හා ඇමෙරිකාවේ තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.

පුහුණුකරුගේ හා නායකයාගේ ද අදහස් ලබා ගැනීමෙන් පසුව ලෝක කුසලානය සදහා වන අවසන් සංචිතය මෙන්ම අතිරේක ක්‍රීඩකයින් නම් කළ බවත්, ජනිත් ලියනගේ අතිරේක ක්‍රීඩකයින් අතරට නම් කෙරුණේ ද ඔහු මෑතකදී දැක් වූ දක්ෂතා අනුව පුහුණුකරු හා නායකයා සිදු කළ ඉල්ලීමකට අනුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT