Local

ගල්කිස්ස - කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද සිට දිනපතා ධාවනය කෙරේ

Monday, 07 July 2025 - 5:27 pm

ගල්කිස්ස - කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (07) සිට දෛනිකව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

මෙතෙක් මෙම දුම්රිය සති අන්තයේ පමණක් ධාවනය වූ බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.

ඒ අනුව, සෑම දිනකම පෙරවරු 05.15ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රිය දහවල් 12.13ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.

එසේම, කන්කසන්තුරයෙන් පස්වරු 01.50ට ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 08.58ට ගල්කිස්සට ළඟා වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඊට සමගාමීව, දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රියේ පිටත්වන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර, අද සිට යාල්දේවි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 

news images
 
 


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT