Local

ඖෂධ හිගයක්.. ඇණැවුම් ප‍්‍රමාදයි..

Wednesday, 30 October 2024 - 7:52 pm

ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පවත්වා තිබේ.

දිවයින පුරා පිහිටි රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ 850 ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඖෂධ වර්ග පනස්පහක හිඟයක් පවතින බවද මෙහිදී නිලධාරින් පෙන්වා දී ඇත.

ඖෂධ හිඟයක් නිර්මාණය වීමට බලපා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාදී ඇති ටෙන්ඩර් නැවත කැඳවීම හේතුවෙන් සැපයුම්කරුවන්ට නිසිකලට ඖෂධ සැපයීමට නොහැකිවීම බව මෙහිදී හෙළිවී ඇත.

තවද දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා ඇණවුම් භාරදීම ප්‍රමාද වීමද තවත් හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම ඖෂධ ලබා ගැනීම සඳහා වු ප්‍රසම්පාදන කමිටු රැස්වීමද පෙරේදා (28) පැවැත්වුවද අවසන් තීරණයක් ගෙන නොමැත.

මේ හේතුන් මත ලබන වසරේ පළමු මාස හය තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් එය මඟ හරවා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

අක්ෂිකාච, සෝඩියම් බයි කාබනේට්, පෙනහළු ආබාධ, රෝගින්ට ලබාදෙන Amphotericin එන්නත්ද රෝහල් පද්ධතියේ නොමැති බව මෙහිදී අනාවරණය විය.


Top Stories
wedivistara

දෙසැම්බර් සිට පාස්පෝට් නිකුත්කිරීම වේගවත් වෙයි

wedivistara

දශක තුනකට පසු පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ

wedivistara

මුල් මාස 6දී ශ්‍රී ලංකාව ගෙවා ඇති විදෙස් ණය ගැන හෙළිදරව්වක්

wedivistara

ජනතාව අමාරුවේ වැටුණාම අපි පැනලායන්නේ නැහැ - දිලිත්

wedivistara

ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු වරෙන්තුව ආපසු කැඳවයි

wedivistara

බදුල්ල බස් අනතුරෙන් තුවාලකරුවන් ඉහළට - දෙදෙනෙක් මරුට

Trending
wedivistara

හරිනි ව්‍යවස්ථාව දන්නෑ.. බබ්බුන්ට රට පාලනය කරන්න බෑ..- රනිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්…

wedivistara

රට පාලනයට පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි

wedivistara

මටත් බහුතරය නෑ.. අනුරටත් බහුතරය නෑ.. දෙදෙනාම සුළුතරයි..- රනිල්

wedivistara

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව අද

wedivistara

අනුරට රට කරන්න බෑ.. මාර්තුවල වැටෙනවා.. එදාට බාරගන්න රනිල් සූදානම්…

wedivistara

ඇල්පිටියේදී මාලිමාව, සජබ ප‍්‍රතිශත පහල බසී.. පොහොට්ටුව ඉහලට..


NEWS ALERT