Sports

ඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි හෙට තරග බිමේ

Thursday, 01 August 2024 - 8:43 am

තරුෂි හා අරුණ ඊයේ ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ සුසන්ත ප්‍රනාන්දු හා අසංක රාජකරුණා යන පුහුණුකරුවන් සමඟ පුහුණුව ලබන අයුරු.

වසර 100කට අධික ඔලිම්පික් ඉතිහාසයේ පළමුවතාවට, මීටර 200 සිට මීටර් 1,500 දක්වා සියලු තනි ධාවන ඉසව්වලදී මූලික වටයේ පරාජයට පත්වී ඉවතට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවත් තරග වටයක් හඳුන්වාදීමට මෙවර අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු සලසා ඇත. මූලික වටයේ පරාජිතයන්ට යළි නැඟිටීමේ අවස්ථා සලසන එම විශේෂිත වටය ‘රිපීචේජ් වටය’ ලෙස හඳුන්වාදී තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ වැඩිම අවධානයක් ඇති මලල ක්‍රීඩා වසන්තය ස්ටේට් ඩී ෆ්‍රාන්ස්හි ඊයේ ආරම්භ වූ අතර, එම ක්‍රීඩාංගණය ප්‍රංශයේ විශාලතම ක්‍රීඩාංගණය වේ. ක්‍රීඩාලෝලීන් 77,083කට අසුන්ගත හැකි මේ ක්‍රීඩාංගණය 1998 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ඉදිකරන ලද්දකි. මෙහි අවසන් වරට 2003 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්විණි.

ඔලිම්පික් තනි ධාවන ඉසව්වලට මෙවර ඔලිම්පික් උලෙළේ වට හතරක් ඇත. එනම් පළමු මූලික වටය, රිපීචේජ් වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය වේ. මෙලෙස මූලික වටයේදීම ඉවතට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ‘රිපීචේජ් වටයේ’ දෙවැනි අවස්ථාවක් ලබා දීමෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපේක්ෂා ඉහළ ගොස් ඇතැයි පැරිස් තරග සංවිධායකයෝ පවසති. මෙමඟින් ඉවතට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකම ඉසව්වක අවස්ථා දෙකකදී තරග බිමට පිවිසීමේ සුවිශේෂී අවස්ථා උදාවේ.

තනි ධාවන ඉසව්වකට මූලික වට 6කින් අට දෙනා බැගින් තරගකරුවන් 48ක් සහභාගි වන අතර, එයින් 24ක් අවසන් පූර්ව වටයට තොරා ගැනීමට නියමිතය. එයින් හොඳම අට දෙනා අවසන් මහා තරගයට සුදුසුකම් ලබති. පළමුව මූලික වටයේ ජයග්‍රාහකයන් තිදෙනා බැගින් 18ක් අවසන් පූර්ව වටයට තෝරා ගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපීචේජ් වටයේ’ යළි තරග කළ යුතු වේ. එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩකයන් 6කට අවසන් පූර්ව වටයේ දොරටු විවර කිරීමට කටයුතු යොදා ඇත.

ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාවෙන් මුලින්ම තරග බිමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න පිවිසෙන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (2) රාත්‍රි 11.15ට පැවැත්වේ. අරුණ දර්ශන සහභාගි වන මීටර් 400 තරගය 4 වැනිදා රාත්‍රි 10.35ට හා හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ මේ 7 වැනිදා පස්වරු 1.55ට තරග බිමට පිවිසේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිස සමඟ පැමිණ සිටින සුසන්ත ප්‍රනාන්දු, ප්‍රදීප් නිශාන්ත හා අසංක රාජකරුණා යන පුහුණුකරුවන් මේ දිනවල ඉතා වෙහෙස මහන්සි වී පුහුණුවීම් කටයුතු මෙහෙයවමින් සිටිනු දක්නට ලැබිණි. ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිස ඉතාම හොඳ මානසික හා ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බව එම පුහුණුකරුවෝ පවසති.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT