International

පාකිස්තාන IMF සාකච්චා අඩාල වේ.. දීර්ඝ විදුලි බිදවැටීම්.. විරෝධතා ඇවිලේ..

Monday, 16 September 2024 - 11:49 am

පාකිස්තානයේ පාරිපාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් ජනතාව විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අඛණ්ඩව විදුලිය සැපයීමට ප්‍රාන්ත රජය අසමත් වී ඇතැයි ද, දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටීමෙන් ජන ජීවිතය මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටත් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම ප්‍රාන්ත ජනතාව රජයේ බලධාරින් විවේචනයට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තානය පුරා මේ වනවිට පවතින දැඩි විදුලි හිඟයට හේතු වී ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් රජයට නොමැති වීමෙන් බවත්, එම තත්ත්වය මත විදුලිය සැපයුම සීමා කිරීමට අමතරව අධික විදුලි ඉල්ලුම හේතුවෙන් දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බවත් ප්‍රාන්ත ජනතාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ සෙසු ප්‍රාන්තවල මෙන්ම ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ද විදුලි බිල ඉහළ දැමීමට මධ්‍යම රජය පසුගිය අප්‍රේල් මස පියවර ගනු ලැබුවද, මැයි මාසයේදී ජම්මු කාශ්මීර ජනතාව විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ගෙන ගිය දැවැන්ත විරෝධතාව හේතුවෙන් නැවත විදුලි බිල සංශෝධනය කිරීමට රජයට සිදුවී තිබිණි.

පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය උපායමාර්ගික සැලසුම්කරණයට සහ ආර්ථික ආයෝජනයට තවදුරටත් පාකිස්තාන රජය වෙතින් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සාමාන්‍යයෙන් විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් යම්කිසි රටක සිදු කරන ව්‍යාපාරික ගනුදෙනුව වසර 15-20 අතර දිගු කාලීන සැලසුමක් මත සිදුවන බවත්, එවැනි දිගු කාලීන ව්‍යාපාර සැලසුමක් පාකිස්තාන රජයට නොමැතිවීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මාසයේ පළමු දින 23 ඇතුළත පමණක් විදේශීය ආයෝජකයන් පාකිස්තානයේ ගිවිසුම්වලින් ඉවත්වී ඇතැයි ද , එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන මහ බැංකුවේ දත්ත සංඛ්‍යා ලේඛනවලට අනුව විදෙස් ආයෝජකයන් ඩොලර් මිලියන 103.5ක එරට භාණ්ඩගාර බිල්පත් ඉවත් කරගෙන ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොලැබීම සහ රටේ වර්තමානයේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් එය සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT