Local

පුටින්ගෙන් ජනපති අනුරට පුද්ගලික පණිවුඩයක්

Tuesday, 01 October 2024 - 9:19 pm

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී එම පණිවුඩය පිළිගන්වා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සිය පණිවුඩයේ සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බවය.

දෙපාර්ශ්වයේම අන්‍යොන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කර ඇත.

වෙළෙඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද තවදුරටත් දෙපාර්ශ්වයම විසින් අවධාරණය කර තිබේ.

මෙම හමුවේදී තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් ද පිරිනැමීය.

 
 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT